Ultimate magazine theme for WordPress.

ඉන්දීය විනිසුරුවරයෙකුට අයි.සී.සීයෙන් චෝදනා ගොණු කෙරේ

ඉන්දීය විනිසුරු Jatin Kashyap ට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දූෂණ චෝදනා ගොණු කර තිබෙනවා.

අයි.සී.සී දූෂන මර්දන සංග්‍රහයේ (Anti-Corruption Code) වගන්ති දෙකක් උල්ලංඝනය කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

2022 වසරේ පැවැති ජාත්‍යන්තර තරග සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනයකදී මෙම වගන්ති උල්ලංඝනය කර ඇති බවට හදුනා ගෙන තිබෙනවා.

චෝදනා සදහා ප්‍රතිචාර දැක්වීමට Jatin Kashyap හට දින 14 ක කාලයක් ලබා දීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.

2022 වසරේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට අදාළව මෙම ‌චෝදනා ගොණු කර ඇති බවට තොරතුරු වාර්තා වන්නේ යැයි ක්‍රික්ඉන්ෆෝ‌ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වන වගන්ති දෙක –

A breach of Article 2.4.6 of the Code, failing or refusing, without compelling justification, to cooperate with the Anti-Corruption Unit’s (ACU) investigation in relation to possible Corrupt Conduct under the Code, including (without limitation) failing to provide accurately and completely any information and/or documentation requested by the ACU (whether as part of a formal Demand pursuant to Article 4.3 or otherwise) as part of such investigation.

A breach of Article 2.4.7 of the Code, obstructing or delaying the ACU’s investigation in relation to possible Corrupt Conduct under the Code, including (without limitation) concealing, tampering with or destroying any documentation or other information that may be relevant to that investigation and/or that may be evidence of or may lead to the discovery of evidence of Corrupt Conduct under the Code.