Ultimate magazine theme for WordPress.

ඉන්දීය ලෝක කුසලාන සංචිතයටත් වෙනසක්

ADVERTISEMENT

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට ද වෙනසක් සිදු කර තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියානු සංචිතයට මර්නස් ලබුෂේන් ආදේශ කිරීමට ද අද දිනයේ දී පියවර ගත් පසුබිමකයි.

ලෝක කුසලානය සදහා නම් කර ඇති සංචිතවලට අයි.සී.සී අනුමැතියකින් තොරව වෙනස්කම් සිදු කළ හැකි අවසන් දිනය වන්නේ අද දිනයයි.

ඉන්දීය සංචිතය වෙනුවෙන් ආර්. අශ්වින් ආදේශ කිරීමට පියවර ගෙන ඇති බව මේ වන විට ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර තිබෙනවා.

ඒ, ආබාධයකට ලක් වූ අක්සාර් පටෙල් වෙනුවටයි. නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී යි අක්සාර් ආබාධයකට ලක් වුණේ.

India’s updated World Cup squad :

Rohit Sharma (c), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul (wk), Ishan Kishan (wk), Suryakumar Yadav, Hardik Pandya (vice-capt), Ravindra Jadeja, Kuldeep Yadav, R Ashwin, Shardul Thakur, Jasprit Bumrah, Mohammed Shami, Mohammed Siraj

Leave a comment