Ultimate magazine theme for WordPress.

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් පත් කෙරේ

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක රාහුල් ඩ්‍රාවිඩ් පත් කර තිබෙනවා.

ක්‍රිකට් උපදේශක කමිටුව විසින් ඔහුගේ පත් කිරීම ඒකමතිකව සිදු කර ඇති බවයි ඉන්දිය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව නොවැම්බර් 17 වනදා සිට ආරම්භ වන නවසීලන්ත තරගාවලියේ සිට ඔහු ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසුව වත්මන් පුහුණුකරු රවී ශාස්ත්‍රීගේ ධුර කාලය නිමා වනවා.

රාහුල් ඩ්‍රාවිඩ් මෙතෙක් ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානියා ලෙසයි කටයුතු කළේ.