ඉන්දීය පළමු ඉනිම 263කට සීමා වෙයි

0 97

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම (New Zealand XI) අතර පැවැත්වෙන තෙදින පුහුණු ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.

හැමිල්ටන්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව අද දිනය අවසන් වන විට සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 263ක්.

හනුමා විහාරි ලකුණු 101ක් ලබා පිටියෙන් ඉවත් වූ අතර, චෙටස්වර් පුජාරා ලකුණු 93ක් රැස් කළා.

අජින්කෙයා රහානේ ලකුණු 18ක් ලබා ගත් නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

ඉෂ් සෝදි සහ Scott Kuggeleijn කඩුලු 3 බැගින් බිද හෙලුවා.

You might also like

Leave A Reply

Your email address will not be published.