Ultimate magazine theme for WordPress.

ඉන්දීය පළමු ඉනිම ලකුණු 78කට සීමා වෙයි

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(25) ලීඩ්ස් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ඉන්දියාවෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නොතිබූ අතර, එංගලන්තයෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබුණා.

ඒ අනුව ඩාවිඩ් මලාන් හා ක්‍රෙයිග් ඕවර්ටන් කණ්ඩායමට කැදවීමටයි පියවර ගැණුනේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට විරාට් කෝලි ගත් තීරණයට සාධාරණයක් ඉටු කිරීමට කිසිදු පිතිකරුවෙකුට හැකියාව ලැබුණේ නැහැ.

ඒ අනුව ඔවුන්ගේ පළමු ඉනිම, පළමු දිනයේ තේ පානයටත් පෙර නිමාව දුටුවේ සියලු දෙනා දැවී ලකුණු 78ක් ලෙස සටහන් වෙමින්.

රෝහිට් ෂර්මා පන්දු 105කින් ලකුණු 19ක් රැස් කළ අතර, අජින්කෙයා රහානේ ලකුණු 18කට දැවී ගියා.

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

තරගයේ පළමු පන්දුවාරයේ දී ම කේ.එල් රාහුල් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය අතර, චෙටස්වර් පුජාරා එක් ලකුණකටත්, විරාට් කෝලි ලකුණු 7කටත්, රිෂාබ් පාන්ට් ලකුණු 2කටත්, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 4කටත් දැවී ගියා.

එංගලන්තය වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ ජේම්ස් ඇන්ඩර්සන් හා ක්‍රෙයිග් ඕවර්ටන් කඩුලු 3 බැගින් දවා ගත් අතර, ඔලී රොබින්සන් හා සෑම් කරන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඉනිමේ පළමු කඩුලු පහම දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අතට උඩ පන්දු ලබා දීමෙන් වීම ද විශේෂත්වයක්.

Leave a comment