ඉන්දීය තරගාවලිය වෙනුවෙන් සියලු ක්‍රීඩකයින් ගිවිසුම් අත්සන් කරයි

එංගලන්ත තරග සංචාරයට එක් වූ සියලු ක්‍රීඩකයින් ඉන්දීය තරගාවලියට අදාළ සංචාරක ගිවිසුම් සදහා මේ වන විට අත්සන් තබා ඇති බව වාර්තා වනවා.
ඉන්දීය තරගාවලිය සදහා නම් කර ඇති මූලික සංචිතයට අයත් ක්‍රීඩකයින් 30 දෙනාම ඊට අත්සන් තබා ඇති බව සදහන්.
වාර්ෂික කොන්ත්‍රාත්හි විනිවිදභාවයක් නොමැති බව පවසමිනුයි ක්‍රීඩකයින් වාර්ෂික කොන්ත්‍රාත් සදහා අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇත්තේ.