ඉන්දීය ජයග්‍රහනයෙන් පසු ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.
ටෙස්ට් ශූරතාවලිය යටතේ තවත් තරගාවලියක් අද(6) නිමා වුණේ නවසීලන්තයට එරෙහිව ඉන්දීය කණ්ඩායමට තරග 1-0ක තරගාවලි ජයග්‍රහනයක් හිමි කර දෙමින්.
එම ජයග්‍රහනයත් සමග මේ වන විට ප්‍රසාද ලකුණු 42කට හිමිකම් කියන ඉන්දියාව 58.33%ක ලකුණු ප්‍රතිශතයක් හිමි කර ගනිමින් ප්‍රසාද ලකුණූ සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.
දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ පාකිස්තානයටයි.
ශ්‍රී ලංකාවට මේ වන විට ප්‍රසාද ලකුණු 24ක් හිමිව ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය 100% ක්.
ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙහි ස්ථාන තෝරා ගනු ලබන්නේ ඒ ඒ කණ්ඩායම්වලට හිමි ලකුණු ප්‍රතිශතය සැලකිල්ලට ගනිමිනුයි.
ඒ අනුවයි ශ්‍රී ලංකාවට එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ.
ප්‍රසාද ලකුණු සටහන –
The ICC World Test Championship standings after India’s win in the Mumbai Test 👇#WTC23 | #INDvNZ pic.twitter.com/YNrMyEvohr
— ICC (@ICC) December 6, 2021