ඉන්දීය කාන්තා කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ(18) රාත්‍රී කාලයේ ද දිවයිනට පැමිණියා.
මෙම තරග සංචාරයේ දී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
20යි 20 තරගාවලිය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ද, එක්දින තරගාවලිය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඉන්දීය කාන්තා එක්දින කණ්ඩායමේ නව නායිකාව ලෙස මෙම තරගාවලියේ දී Harmanpreet Kaur කටයුතු කරනවා.
ඒ, මෙතෙක් ඉන්දීය කාන්තා එක්දින කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පිතිකාරිණියක වන මිතාලි රාජ් පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කිරීම හේතුවෙන්.
දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය එළඹෙන 23 වැනිදා පැවැත්වෙන අතර, එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජූලි පළමු වැනිදායි.
