ඉන්දීය ක්‍රීඩිකාවන්ට හිමි වූ නවතම කොන්ත්‍රාත් ගිවිසුම් නිවේදනය කෙරේ
2022-23 තරග වාරය සදහා කොන්ත්‍රාත් ගිවිසුම් හිමි වූ ඉන්දීය ක්‍රීඩිකාවන් ලැයිස්තුව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය අද(27) නිවේදනය කළා.
ඒ අනුව A කාණ්ඩය යටතේ නායිකා හර්මන්ප්‍රීට් කෝවුර්, ස්ම්රිති මන්දනා හා දීප්ති ෂර්මා ගිවිසුම්ගත වී තිබෙනවා. පසුගිය වසරේ දී එම කාණ්ඩය යටතේ ක්‍රීඩිකාවන් 5 දෙනෙකු ගිවිසුම්ගත වූ නමුත් මෙවර ගිවිසුම්ගත වී ඇත්තේ තිදෙනෙකු පමණයි.
Shikha Pandey ට හා Poonam Yadav ට මෙවර කිසිදු කාණ්ඩයක් යටතේ කොන්ත්‍රාත් ගිවිසුමක් හිමිව නොතිබීම විශේෂත්වයක්.
ක්‍රීඩිකාවන් 17 දෙනෙකුට කොන්ත්‍රාත් හිමිව ඇති අතර, Taniya Bhatia හා Arundati Reddy යන ක්‍රීඩිකාවන්ට ද කොන්ත්‍රාත් හිමිව නැහැ.
කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩිකාවන් ලැයිස්තුව –
Grade A (INR 50 lakh):
Harmanpreet Kaur, Smriti Mandhana, Deepti Sharma
Grade B (INR 30 lakh):
Renuka Singh Thakur, Jemimah Rodrigues, Shafali Verma, Richa Ghosh, Rajeshwari Gayakwad
Grade C (INR 10 lakh):
Meghna Singh, Devika Vaidya, Sabbineni Meghana, Anjali Sarvani, Pooja Vastrakar, Sneh Rana, Radha Yadav, Harleen Deol, Yastika Bhatia