Ultimate magazine theme for WordPress.

ඉන්දීය එක්දින සංචිතයට චක්‍රවර්තී කැදවයි

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය එක්දින සංචිතයට දග පන්දු යවන ක්‍රීඩක වරුන් චක්‍රවර්තී ඇතුළත් කර තිබෙනවා.

ඒ, දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලියේදී ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

වරුන් මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති අතර, මෙය ඔහු එක්දින සංචිතයට කැදවූ පළමු අවස්ථාවයි.

ඉන්දු-එංගලන්ත තරග 3කින් යුත් එක්දින තරගාවලිය පෙබරවාරි 6, 9 හා 12 යන දිනවලදී නාග්පූර්, කටක් හා අහ්මදාබාද්හීදී පැවැත්වීමට නියමිතයි.

India ODI squad vs England

Rohit Sharma (c), Shubman Gill (vc), Virat Kohli, Shreyas Iyer, KL Rahul, Hardik Pandya, Axar Patel, Washington Sundar, Kuldeep Yadav, Mohammed Shami, Arshdeep Singh, Yashasvi Jaiswal, Rishabh Pant, Ravindra Jadeja, Harshit Rana (first two ODIs), Jasprit Bumrah (third ODI), Varun Chakravarthy