ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්
![](https://www.hitwicket.lk/wp-content/themes/Hitwicket.lk/images/default-thumb/full.png)
අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ඊයේ(22) ක්‍රීඩා කළ තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් කඩුලු 7 ක පරාජයකට ලක් වුණා.
දකුණු අප්‍රිකාවේ Potchefstroom හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 59 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 7.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
සුපිරි 6 වටයේ පළමු කාණ්ඩයේ පෙරමුණ මේ වන විට ඉන්දියාවට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 6 ක් සමගින්.
ඔස්ට්‍රේලියාව එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 5 වැනි ස්ථානයයි.
සුපිරි 6 වටයේ දෙවැනි කාණ්ඩයේ පෙරමුණ එංගලන්තයටත්, දෙවැනි ස්ථානය නවසීලන්තයටත් හිමිව තිබෙනවා.