Ultimate magazine theme for WordPress.

ඉන්දියාව හමුවේ බංග්ලාදේශයට තියුණු පරාජයක්

Match Report

බංග්ලාදේශය සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම අද(11) සමත් වුණා.

මීර්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 95 ක් පමණයි.

Shafali Verma ලකුණු 19 ක් හා Amanjot Kaur ලකුණු 14 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Sultana Khatun ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Fahima Khatun ලකුණු 16 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 87 ක් පමණයි.

Nigar Sultana ලකුණු 38 ක් ලබා ගත් නමුත් සෙසු කිසිදු පිතිකාරිණියක් ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී Deepti Sharma හා Shafali Verma කඩුලු 3 බැගින් බිද හෙලුවා.

මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ද ඉන්දියාව සමත් වුණා.