ඉන්දියාව ලකුණු 262 කට සීමා වෙයි
ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර දිල්ලි හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.(18)
දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 21 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 262 ක්. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු 263 ට පිළිතුරු වශයෙන්.
ඉන්දීය ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 139 ක් තුළ බිද වැටුණා.
අක්සාර් පටෙල් ලකුණු 74 ක් හා ආර් අශ්වින් ලකුණු 37 ක් ලබා ගනිමින් බිද වැටුණු ඉනිම ගොඩ නැගුවේ ලකුණු 114 ක සම්බන්ධතාවයක් 8 වැනි කඩුල්ල සදහා එක් කරමින්.
විරාත් කෝලි ලකුණු 44 ක් හා රෝහිත් ෂර්මා ලකුණු 32 ක් රැස් කළා. රවීන්ද්‍ර ජඩේජා දැවී ගියේ ලකුණු 26 ක් ලබා සිටියදීයි.
පන්දු යැවීමේ දී නේදන් ලයන් ලකුණු 67 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා. මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ මැතිව් කුහ්නෙමන් හා ටොඩ් මර්ෆි කඩුලු 2 බැගින් බිද හෙලුවා.
ඒ අනුව ඉන්දීය ඉනිම නිමා වන විට ඔස්ට්‍රේලියාව පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවූයේ එක් ලකුණක් පමණයි.
— CricDaily24 (@cricday96) February 18, 2023