Ultimate magazine theme for WordPress.

ඉන්දියාව ලකුණු 146ක් ඉදිරියෙන්

Day 3 Report

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර සෙන්චූරියන්හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද(28) නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබා සිටියා.

දිනය ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 272ක් රැස් කර ගෙන සිටි නමුත්, ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 327ක් පමණයි.

දිනයේ පළමු කඩුල්ල ලෙස කේ.එල් රාහුල් ලකුණු 123කට දැවී ගිය අතර, අජින්කෙයා රහානේ ලකුණු 48ක් රැස් කළා.

සෙසු පිතිකරුවන් අතරින් අද දිනයේ දී ලකුණු 10 සීමාව පසු කළේ ජස්ප්‍රිට් බුම්රා පමණයි. ඔහු ලකුණු 14කට දැවී ගියා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් මයාන්ක් අගාර්වල් ලකුණු 60ක් හා විරාට් කෝලි ලකුණු 35ක් ලබා ගත්තා.

ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු 7 දැවී ගියේ ලකුණු 55ක් තුළ වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී කඩුලු 6ක් හා කාගිසෝ රබාඩා කඩුලු 3ක් දවා ගත්තා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 197ක් පමණයි.

ටෙම්බා බවුමා ලකුණු 52ක් ද ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 34ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි කඩුලු 5ක් බිද හෙලූ අතර, ජස්ප්‍රිට් බුම්රා හා ශර්දුල් තාකූර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 146ක්.

තරගයේ දෙවන දිනය ඊයේ වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන් අතහැර දැමීමටයි පියවර ගැණුනේ.

Leave a comment
logo