Ultimate magazine theme for WordPress.

ඉන්දියාව තෙවැනි වරටත් ශූරයින්ගේ කුසලානයේ ශූරයින් වෙයි

Match Report

තෙවැනි වරටත් අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(09) සමත් වුණා.

ඒ, මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් නවසීලන්තය පරදා කඩුලු 4ක ජයක් වාර්තා කරමින්.

ඩුබායිහීදී පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 251 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 අවසන් කළා.

ඩැරල් මිචෙල් ලකුණු 63(101) ක් ලබා ගත් අතර, මයිකල් බ්‍රේස්වෙල් නොදැවී ලකුණු 53(40) යි. රචින් රවීන්ද්‍ර ලකුණු 37 කටත්, ග්ලේන් පිලිප්ස් ලකුණු 34 කටත් දැවී ගියා.

පන්දු යැවීමේදී වරුන් චක්‍රවර්තී හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 49 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

නායක රෝහිත් ෂර්මා ලකුණු 76(83) ක් හා ෂුබ්මන් ගිල් ලකුණු 31(50) ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 105 ක්. විරාත් කෝලි එක් ලකුණකට දැවී ගියා.

ෂ්රෙයස් අයියර් ලකුණූ 48 ක් හා අක්සාර් පටෙල් ලකුණු 29 ක් ලබා ගත්තා. කේ එල් රාහුල් නොදැවී ලකුණු 34 ක් ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රහනය කරා රැගෙන ගියා. හර්ඩික් පාන්ඩ්යා ලකුණු 18 යි.

පන්දු යැවීමේදී මිචෙල් සැන්ට්නර් හා මයිකල් බ්‍රේස්වෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.