Ultimate magazine theme for WordPress.

ඉන්දියාව ක්‍රීඩා කරන තරගයකට Adidas සමාගමෙන් කෝටි 2.8 ක්

ජර්මානු ක්‍රීඩා භාණ්ඩ බහුජාතික සමාගමක් වන Adidas සමාගම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇදුම් සදහා අනුග්‍රාහකයා ලෙස (kit sponsor) එක් වීමට නියමිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ සදහා ඉන්දීය රුපියල් කෝටි 350 ක වටිනාකමකින් යුත් ගිවිසුමක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හා Adidas සමාගම අතර අත්සන් තැබෙනු ඇති.

ඒ අනුව ලබන ජූනි මාසයේ දී Killer සමාගම වෙනුවට Adidas සමාගම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇදුම් සදහා අනුග්‍රාහකයා ලෙස සම්බන්ධ වීමට නියමිතයි.

2028 වසර අවසානය දක්වා Adidas සමාගම එම අනුග්‍රාහක අයිතිය හිමි කර ගනු ඇති.

අත්සන් තැබීමට නියමිත ගිවිසුම ප්‍රකාරව ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන එක් තරගයක් සදහා Adidas සමාගම විසින් ගෙවීමට නියමිත මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 65 ක්. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් කෝටි 2.8 ක පමණ අගයක් වනවා.