ඉන්දියාවට එරෙහි බංග්ලාදේශ එක්දින සංචිතය නම් කෙරේ
සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ කාන්තා සංචිතය නිවේදනය කර තිබෙනවා.
සංචිතය සදහා Sharmin Akhter යළි කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
එමෙන්ම ක්‍රීඩිකාවන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයට Shorna Akter, Marufa Akter හා Salma Khatun ද නම් කර තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ජූලි 16 වැනිදා ඩකා හී දී ආරම්භ වීමට නියමිතයි.
ඉන්දියාව හා බංග්ලාදේශය අතර ඊයේ(13) නිමා වූ 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ඉන්දියාව ජය ගත්තා.
Bangladesh squad:
Nigar Sultana (capt & wk), Nahida Akter (vice-capt), Murshida Khatun, Fargana Hoque, Sobhana Mostary, Shorna Akter, Ritu Moni, Lata Mondal, Disha Biswas, Marufa Akter, Sharmin Akhter, Sanjida Akter, Rabeya Khan, Sultana Khatun, Salma Khatun, Fahima Khatun, Shamima Sultana