ඉන්දියාවට එරෙහි බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නම් කෙරේ
ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.
ශකිබ් අල් හසාන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.
ටෙස්ට් සංචිතය සදහා මුල් පෙල පිතිකරු සාකීර් හසාන් පළමු වරට නම් කර තිබීම විශේෂත්වයක්.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ද ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ ටමිම් ඉක්බාල්ට මෙම ටෙස්ට් තරගය ද අහිමි වී තිබෙනවා.
පළමු ටෙස්ට් තරගය Chattogram හී දී දෙසැම්බර් 14 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය දෙසැම්බර් 22 වැනිදා ඩකා හී දී ආරම්භ වීමට නියමිතයි.
Bangladesh squad for 1st Test:
Mahmudul Hasan Joy, Najmul Hassan Shanto, Mominul Haque, Yasir Ali Chowdhury, Mushfiqur Rahim, Shakib Al Hasan (C), Litton Das, Nurul Hasan, Mehidy Hasan Miraz, Taijul Islam, Taskin Ahmed, Syed Khaled Ahmed, Ebadot Hossain, Shoriful Islam, Zakir Hasan, Rejaur Rahman Raja, Anamul Haque Bijoy