ඉන්දියාවට එරෙහිව අද ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න
එක්දින තරග 3 ක් සහ 20යි 20 තරග තුනක් ඇතුළත් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ප්‍රථම එක්දින තරගය අද පස්වරු 3 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
වසර දෙකකට ආසන්න කාලයකට පසුව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.
ඉන්දීය කණ්ඩායම නව නායකත්වයක් යටතේ මෙම තරගාවලියට ක්‍රීඩා කරන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ද නව නායකයකු හට හිමිව තිබෙනවා.
තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අද පළමු වරට මෙහෙයවද්දි, ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ද පළමු වරට ආරම්භක පිතිකරු ශිකර් ධවාන් විසින් දරනු ලබනවා.
වඩාත් සුවිශේෂී කරුණ වන්නේ කණ්ඩායම් දෙකම බහුතර තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වීමයි.
වෙනත් ආකාරයකින් පැවසුහොත් කණ්ඩායම් දෙකම දෙවන පෙළ කණ්ඩායමකට සමානත්වයක් දරනු ලබනවා.
අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් භානුක රාජපක්ෂ ජාත්‍යන්තර එක්දින වරම් දිනාගැනීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
එසේ වුවද පළමු තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම අනුමාන කිරීම ද සැබවින්ම අපහසු කටයුත්තක්.
මෙම තරගය සදහා ක්‍රීඩා කළ හැකි බවට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය අනුමාන කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේයි. –
- Avishka Fernando, Pathum Nissanka, Minod Bhanuka (wk), Dhananjaya de Silva, Bhanuka Rajapaksa, Dasun Shanaka (c), Wanindu Hasaranga, Isuru Udana, Lakshan Sandakan, Dushmantha Chameera, Kasun Rajitha.
ක්‍රික්බස් වෙබ් අඩවිය අද තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස අනුමාන කර තිබුණා.
- Avishka Fernando, Minod Bhanuka (wk), Pathum Nissanka, Dhananjaya de Silva, Bhanuka Rajapaksa, Wanindu Hasaranga, Dasun Shanaka, Chamika Karunaratne, Akila Dhananjaya, Dushmantha Chameera, Lakshan Sandakan
ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් මහතා ද මෙම තරගයට ක්‍රීඩා කළ යුතු බවට හැගෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස සදහන් කර තිබුණා.
- Avishka Fernando, Pathum Nissanka, Bhanuka Rajapaksa, Dhananjaya De Silva, Charith Asalanka, Minod Bhanuka, Dasun Shanaka, Wanindu Hasaranga, Isuru Udana, Lakshan Sandakan, Dushmantha Chameera