ඇෆ්ඝනිස්තාන වේග පන්දු පුහුණුකරු ලෙස ශෝන් ටෙයිට් පත් කෙරේ; පළමු අභියෝගය ලංකාවේ දී

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වූ ශෝන් ටෙයිට් පත් කර තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති අතර, ඔහුගේ ධූර කාලය මාස 5කට වලංගු වනු ඇති.
ඔහුගේ පළමු වගකීම බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ඇෆ්ඝනිස්තාන – පාකිස්තාන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියයි.
සැප්තැම්බර් 1-5 අතර කාලයේ දී එම තරගාවලිය පැවැත්වෙනු ඇති.
ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මේ වන විට කටයුතු කරන්නේ දකුණු අප්‍රිකාවේ ලාන්ස් ක්ලූස්නර්.