Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තාන නව 20යි 20 නායකයා නිවේදනය කෙරේ

ඇෆ්ඝනිස්තාන පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස රෂීඩ් ඛාන් පත් කර තිබෙනවා.

ඒ, නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව 20යි 20 නායකත්වයෙන් ඉවත් වූ මොහමඩ් නබී වෙනුවටයි.

මීට පෙර ද 2019 වසරේ දී රෂීඩ් ඛාන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම 20යි 20 තරග 7 කදී මෙහෙයවා තිබුණා.

ඊට අමතරව ඔහු එක්දින තරග 7 කදී හා ටෙස්ට් තරග දෙකක දී ද ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.

රෂීඩ් ඛාන් නායකත්වය දැරූ 20යි 20 තරග 7 න් තරග 4 ක් ජය ගැනීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණා.

ඔහුගේ නව නායකත්වය යටතේ ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කරන පළමු 20යි 20 තරගාවලිය 2023 වසරේ පෙබරවාරි මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.