ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයට කඩා වැදුණු පිරිසක් ප්‍රධාන විධායකව තනතුරින් නෙරපයි

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී හමිඩ් ශින්වාරි ධූරයෙන් නෙරපා හැර තිබෙනවා.
ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතන මූලස්ථානයට පැමිණි පිරිසක් විසින් ඔහු ධූරයෙන් නෙරපා හැරීමේ නියෝගය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නසීබුල්ලාහ් ඛාන් නව ප්‍රධාන විධායක නිළධාරියා ලෙස පත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.
ඇෆ්ඝනිස්ථාන රජයේ හවුල්කරුවෙකු වන හක්කානි ජාලයට අයත් පුද්ගලයින් පිරිසක් මෙම ක්‍රියාමාර්ගය පිටුපස සිටින බවටයි වාර්තා පල වන්නේ.