ඇෆ්ඝනිස්තාන එක්දින තරගාවලියෙන් ඔස්ට්‍රේලියාව ඉවත් වෙයි
මාර්තු මාසයේ දී ඇෆ්ඝනිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු රජය ඇතුළු පාර්ශවකරුවන් රැසක් සමග පැවැති සාකච්ඡාවලින් පසුවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ.
ඇෆ්ගනිස්ථානයේ කාන්තා සහ ගැහැණු ළමුන්ගේ අධ්‍යාපන සහ රැකියා කටයුතු තවදුරටත් සීමා කිරීමට පාලක තලේබාන් සංවිධානය තීරණය කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළඹ තිබෙනවා.