Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම් කරන්න – හියුමන් රයිට්ස් වොච් අයි.සී.සීයට දන්වයි

ඇෆ්ඝනිස්තානයේ අයි.සී.සී සාමාජිකත්වය අත්හිටුවන ලෙස මානව හිමිකම් පිළිබඳ පර්යේෂණ සහ උපදේශන පවත්වන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට දැනුම් දී තිබෙනවා.

තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ඝනිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලට සහභාගී වීම තහනම් කරන ලෙසයි එම සංවිධානය අයි.සී.සීයෙන් ඉල්ලා ඇත්තේ.

අයි.සී.සී සභාපති ජේ ශාහ් වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය මෙම ඉල්ලීම සිදු කර ඇති බව සදහන්.

ඇෆ්ඝනිස්තානය තුළ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට නැවත වරක් අධ්‍යාපනයට සහ ක්‍රීඩාවට සහභාගී වීමට හැකි වන තෙක් මෙම තහනම පනවන ලෙසයි එම සංවිධානය ඉල්ලා ඇත්තේ.