ඇෆ්ඝනිස්තානයට නව ප්‍රධාන පුහුණුකරුවෙක්

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ග්‍රැහැම් තෝර්ප් පත් කර තිබෙනවා.
ඒ, මෙතෙක් වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළ ස්ටුවර්ට් ලෝ වෙනුවටයි.
මීට පෙර දකුණු අප්‍රිකාවේ ලාන්ස් ක්ලූස්නර් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ නමුත්, ඔහුගේ කොන්ත්‍රාත්තුව පසුගිය දෙසැම්බර් 31 වනදායින් අවසන් වුණා.
2019 ලෝක කුසලානයෙන් පසුව වසර දෙකකට වැඩි කාලයක් ක්ලූස්නර් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.
මීට පෙර ග්‍රැහැම් තෝර්ප් එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසයි කටයුතු කළේ.
කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියාව සමග පැවැති අලුබදුන ටෙස්ට් තරගාවලියේ දී ලැබූ දරුණු පරාජයෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් වුණා.
එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ග්‍රැහැම් තෝර්ප් ටෙස්ට් තරග 100කට හා එක්දින තරග 82කට ක්‍රීඩා කර තිබුණා.
ඇෆ්ඝනිස්තාන කණ්ඩායම එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් සදහා ජූලි මාසයේ දී අයර්ලන්ත තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, එය ඇෆ්ඝනිස්තාන පුහුණුකරු ලෙස ග්‍රැහැම් තෝර්ප්ට පැවරෙන පළමු වගකීම වනු ඇති.