ඇෆ්ඝනිස්තානයට නව පන්දු යැවීමේ පුහුණුකරුවෙකු පත් කෙරේ
ඇෆ්ඝනිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හමීඩ් හසාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
ඔහු ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කිරීමට පියවර ගෙන ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
පාකිස්තානයට එරෙහිව ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ සිට හමීඩ් හසාන් අදාළ ධූරයේ කටයුතු ආරම්භ කරනු ඇති.
මාර්තු 25 වැනිදා සිට 29 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගනයේ දී එම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
හමීඩ් හසාන් ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් 2009 වසරේ සිට 2019 වසර දක්වා එක්දින තරග 38 ක් ක්‍රීඩා කර තිබූ අතර, එහිදී කඩුලු 59 ක් දවා ගෙන තිබුණා.
20යි 20 ජාත්‍යන්තර තරග 25 කදී ද ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහු කඩුලු 35 ක් එහිදී දවා ගත්තා.