Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නිවේදනය කෙරේ

ඇෆ්ඝනිස්තානය සමග ජූනි දෙවැනිදා ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (30) නිවේදනය කළා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා දිමුත් කරුණාරත්න හා දුෂ්මන්ත චමීර යළි කැදවා ඇති අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ද සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා. සධීර සමරවික්‍රම ද සංචිතයට නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග පාදයක ආබාධයකට ලක්ව සිටින නමුත්, මෙම සංචිතය සදහා ද ඔහු නම් කර තිබෙනවා. වනිදු මේ වන විට සිය පුනරුත්තාපන කටයුතුවල නිරතව සිටින අතර, ඔහුට ක්‍රීඩා කිරීමට හැකි බවට වෛද්‍ය නිර්දේශ ලැබුණහොත් ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ දී ක්‍රීඩා කරනු ඇති.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 29 හැවිරිදි දුෂාන් හේමන්ත පා දග පන්දු යවන්නෙකු ලෙස සංචිතයට ඇතුළත්.

නවසීලන්ත තරග සංචාරයේ දී පාදයක ආබාධයකට ලක් වූ කුසල් ජනිත් තවමත් සිය පුනරුත්තාපන කටයුතුවල නිරතව සිටින බැවින් මෙම සංචිතය සදහා නම් කර නැහැ.

අයි.පී.එල් තරගාවලියේ දී විශිෂ්ඨ දක්ෂතා දැක් වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නුවනිදු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුෂාන් හා ඩිල්ෂාන් මදුෂංක යන ක්‍රීඩකයින්ට එක්දින සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

ජූනි දෙවැනිදා පළමු එක්දින තරගය ද, ජූනි 4 වැනිදා දෙවැනි එක්දින තරගය ද, ජූනි 7 වැනිදා අවසන් එක්දින තරගය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය –

1) Dasun Shanaka – Captain
2) Pathum Nissanka
3) Dimuth Karunaratne
4) Kusal Mendis (WK) – Vice Captain
5) Angelo Mathews
6) Charith Asalanka
7) Dhananjaya De Silva
8) Sadeera Samarawickrama – (WK)
9) Chamika Karunaratne
10) Dushan Hemantha
11) Wanindu Hasaranga
12) Lahiru Kumara
13) Dushmantha Chameera
14) Kasun Rajitha
15) Matheesha Pathirana
16) Maheesh Theekshana