Ultimate magazine theme for WordPress.

ඇලන් බෝර්ඩර් ගැන අසුබ ආරංචියක්

තමා පාර්කින්සන් රෝගයෙන් පෙළෙමින් සිටින බව ඔස්ට්‍රේලියානු හිටපු නායකයෙකු වන ඇලන් බෝර්ඩර් පවසනවා.

68 වන වියේ පසු වන ඔහු 2016 වසරේ සිට මෙම රෝගයෙන් පීඩා විදින බව සදහන්.

Newscorp වෙත අදහස් දක්වමිනුයි ඇලන් බෝර්ඩර් මේ බව සදහන් කර තිබෙනවා.

1979 වසරේ සිට 1994 වසර දක්වා වූ කාලයේ දී ඔහු ටෙස්ට් තරග 156 ක් ක්‍රීඩා කළ අතර, ඉන් තරග 93 කදී ඔහු කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.

ටෙස්ට් ලකුණු 11,174 ක් රැස් කර තිබූ ඇලන් බෝර්ඩර් ටෙස්ට් ලකුණු 11,000 ක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙසයි ඉතිහාසගතව ඇත්තේ.

1987 ලෝක ශූරතාවය දිනා ගැනීම සදහා ඔස්ට්‍රේලියාවට නායකත්වය ලබා දුන් බෝර්ඩර් එක්දින තරග 273 ක් ක්‍රීඩා කළා.

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස හා විස්තර විචාරකයෙකු ලෙස ද ඇලන් බෝර්ඩර් කටයුතු කළා.