Ultimate magazine theme for WordPress.

ඇන්ඩර්සන්ගේ අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කෙරේ ; දෙදෙනෙකුට ටෙස්ට් වරම්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට (10) ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව හෙට තරගයේ දී සරේ කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන වේග පන්දු යවන ක්‍රීඩක ගස් ඇට්කින්සන් (Gus Atkinson) හා කඩුලු රකින පිතිකරු ජෙමී ස්මිත් (Jamie Smith) ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතයි.

බෙන් ෆෝක්ස් හා ජොනී බෙයාර්ස්ටව් මෙම තරගයට ක්‍රීඩා නොකරන බැවින් කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීම පැවරෙන්නේ ජෙමී ස්මිත් හටයි.

නිමා වූ අලුබදුන තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමෙන් පසුව ක්‍රිස් වෝක්ස් ද පළමු වරට ටෙස්ට් කණ්ඩායමට යළි කැදවා තිබෙනවා.

මේ අතර, මෙම වසර ආරම්භයේ දී ඉන්දියාවේ දී ටෙස්ට් තරග තුනක් ක්‍රීඩා කළ දග පන්දු යවන ක්‍රීඩක ශොයිබ් බෂීර් හෙට තරගයේ දී එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, එය ඔහු එංගලන්තයේ දී ක්‍රීඩා කරන සිය මංගල ටෙස්ට් තරගයයි.

හෙට ආරම්භ වන තරගය වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රීඩා කරන සිය අවසන් ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්. මෙය ඔහු ක්‍රීඩා කරන සිය 188 වැනි ටෙස්ට් තරගයයි.

England XI:

⁠Zak Crawley, ⁠Ben Duckett, ⁠Ollie Pope, ⁠Joe Root, ⁠Harry Brook, ⁠Ben Stokes (c), ⁠Jamie Smith (wk), ⁠Chris Woakes, ⁠Gus Atkinson, ⁠Shoaib Bashir, ⁠James Anderson

Leave a comment