ආසියානු හා ලෝක කණ්ඩායම් 20යි 20 තරගය : ඉන්දීය ක්‍රීඩක සහභාගීත්වය අවිනිශ්චිත අතට

0 2,411

ආසියානු කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග දෙකෙහි තරග කාලසටහන බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ඊයේ දිනයේ දී සකස් කර අවසන් කර තිබෙනවා.

ඒ අනුව පළමු 20යි 20 තරගය මාර්තු 18 වනදා ද, දෙවැනි තරගය 21 වනදා පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රෙහ්මාන්ගේ ජන්ම දිනය සැමරීම වෙනුවෙන් මෙම 20යි 20 තරග දෙක සංවිධාන කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තරගාවලිය සදහා ඉන්දීය ක්‍රීඩකයින්ගේ සහභාගීතවය මේ වන විට අවිනිශ්චිත වී ඇත්තේ මාර්තු 18 වනදා ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරගයක් ද පැවැත්වීමට නියමිතව ඇති බැවින්.

තරග දෙක මීර්පූර්හි ශෙරී බංග්ලා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, එම තරග පස්වරු 6ට ආරම්භ කෙරෙනු ඇති.

තරග සදහා ඉන්දීය ක්‍රීඩකයින් පස් දෙනෙකු ආසියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අපේක්ෂාවෙන් පසුවනවා.

You might also like

Leave A Reply

Your email address will not be published.