Ultimate magazine theme for WordPress.

ආසියානු ශූර ශ්‍රී ලංකාව ලබන 6 වැනිදා අයර්ලන්තයට

එළඹෙන අයර්ලන්ත තරග සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබන 6 වැනිදා දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

වත්මන් ආසියානු ශූරයින් වන ශ්‍රී ලංකා කාන්තා පිල මෙම සංචාරයේ දී විස්සයි 20 තරග දෙකකට හා එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

අගෝස්තු 11 වැනිදා සිට 20 වැනිදා දක්වා මෙම තරගාවලි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද්විපාර්ශ්වික තරගාවලියක් සදහා අයර්ලන්ත සංචාරයක නිරත වන පළමු අවස්ථාවයි.

අයර්ලන්ත කාන්තා කණ්ඩායම මෙම වසරේ දී කිසිදු ද්විපාර්ශ්වික ජාත්‍යන්තර තරගයක් පරාජයට පත්ව නොතිබීම විශේෂත්වයක්. (සිම්බාබ්වේ පිලට හා තායිලන්තයට එරෙහිව ඔවුන් තරග කළා.)

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම ද මෙම වසරේ දී ක්‍රීඩා කළ තරග 23 න් තරග 18 ක්ම ජය ගැනීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා අයර්ලන්තය අතර මේ දක්වා එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් පවත්වා ඇති අතර, එම තරග හයම ජය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

Series schedule:

First T20I: August 11, Pembroke
Second T20I: August 13, Pembroke

First ODI: August 16, Stormont
Second ODI: August 18, Stormont
Third ODI: August 20, Stormont

Ireland T20I Squad: Laura Delany (c), Ava Canning, Christina Coulter-Reilly, Alana Dalzell, Amy Hunter, Arlene Kelly, Gaby Lewis, Jane Maguire, Cara Murray, Leah Paul, Orla Prendergast, Una Raymond-Hoey, Freya Sargent, Rebecca Stokell

Ireland ODI Squad: Laura Delany (c), Ava Canning, Alana Dalzell, Amy Hunter, Arlene Kelly, Gaby Lewis, Joanna Loughran, Aimee Maguire, Leah Paul, Orla Prendergast, Una Raymond-Hoey, Freya Sargent, Rebecca Stokell, Alice Tector

Leave A Reply

Your email address will not be published.