Ultimate magazine theme for WordPress.

ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණුලාභීන් 10 දෙනා

ADVERTISEMENT

16 වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණයි.

තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පාකිස්තානයේදී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ එක්දින තරග රටාවට අනුවයි.

එක්දින තරග රටාවෙන් මේ වන විට ආසියානු කුසලාන තරගාවලි 13 ක් පවත්වා ඇති අතර, 20යි 20 තරග රටාවෙන් පවත්වා ඇති තරගාවලි ප්‍රමාණය 2ක්.

එක්දින ආසියානු කුසලාන තරගාවලි 13 න් තරගාවලි 6 ක් ඉන්දියාව විසින් ජය ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව ජය ගෙන ඇති තරගාවලි ප්‍රමාණය 5 ක්. පාකිස්තානය අවස්ථා දෙකකදී ආසියානු කුසලානය හිමි කර ගත්තා.

මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ ආසියානු කුසලාන එක්දින තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණුලාභීන් 10 දෙනා පිළිබදවයි.

  1. සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව) – ඉනිම් 24, ලකුණු 1220, සාමාන්‍ය 53
  2. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) – ඉනිම් 23, ලකුණු 1075, සාමාන්‍ය 49
  3. සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) – ඉනිම් 21, ලකුණු 971, සාමාන්‍ය 51
  4.  ෂොයිබ් මලික් (පාකිස්තානය) – ඉනිම් 15, ලකුණු 786, සාමාන්‍ය 66
  5. රෝහිත් ෂර්මා (ඉන්දියාව) – ඉනිම් 21, ලකුණු 745, සාමාන්‍ය 47
  6. අර්ජුන රණතුංග (ශ්‍රී ලංකාව) – ඉනිම් 19, ලකුණු 741, සාමාන්‍ය 57
  7. මුෂ්ෆිකර් රහීම් (බංග්ලාදේශය) – ඉනිම් 21, ලකුණු 699, සාමාන්‍ය 37
  8. මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) – ඉනිම් 26, ලකුණු 674, සාමාන්‍ය 29
  9. මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව) – ඉනිම් 16, ලකුණු 648, සාමාන්‍ය 65
  10. අරවින්ද ද සිල්වා (ශ්‍රීලංකාව) – ඉනිම් 22, ලකුණු 645, සාමාන්‍ය 32
Leave a comment