Ultimate magazine theme for WordPress.

කුසල්ට හා අවිශ්කට කොවිඩ් ආසාදනය වෙයි

ADVERTISEMENT

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බවට අපේක්ෂා කෙරෙන ක්‍රීඩකයින් දෙදෙනකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

කුසල් ජනිත් පෙරේරා හා අවිශ්ක ප්‍රනාන්දුට මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇති බව සදහන්.

ඒ අනුව එම ක්‍රීඩකයන් දෙදෙනාට ඊයේ දිනයේ සිට ආසියානු කුසලානය අරමුණු කර ගනිමින් ආරම්භ කෙරුණු පුහුණුවීම් සඳහා ද එක් වීමට හැකි වී නැහැ.

කෙසේ වෙතත්, එළඹෙන 30 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය සඳහා ඔවුන් දෙදෙනාට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ආබාධවලට ලක්වූ දුෂ්මන්ත චමීරට සහ වනිදු හසරංගට ද මෙවර ආසියානු කුසලාන තරගාවලිය අහිමි වීමේ අවදානමක් පවතිනවා.

චමීරට බොහෝ දුරට මෙම තරගාවලියම අහිමි විය හැකි අතර, හසරංගට ආසියානු කුසලාන තරගාවලියේ මුල් තරග කිහිපය අහිමි වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

Leave a comment