Ultimate magazine theme for WordPress.

ආසියානු කුසලානයට හා ඇෆ්ඝනිස්තානයට එරෙහි පාකිස්තාන සංචිතය නම් කෙරේ

එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා හා ඇෆ්ඝනිස්තානයට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය අද(9) පස්වරුවේ නිවේදනය කළා.

ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගාවලිය එළඹෙන 22 වැනිදා ශ්‍රී ලංකාවේ දී ආරම්භ වීමට නියමිත අතර, එම තරගාවලිය සදහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එම සංචිතය ආසියානු කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයින් 17 දෙනෙකු දක්වා අවම කෙරෙනවා. ඒ අනුව 18 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත්ව සිටින සවුද් ශකීල්ට අගෝස්තු 30 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය අහිමි වී තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක ෆහීම් අශ්රෆ් යළි එක්දින සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. ඔහු අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ වසර දෙකකට පෙරයි.

ශාන් මසූඩ් සංචිතයෙන් ඉවත් කර ඇති අතර, මෙතෙක් එක්දින වරම් දිනා නොමැති Tayyab Tahir ද එක්දින සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

නව තේරීම් කමිටු ප්‍රධානී ලෙස පසුගියදා යළි පත් කෙරුණු ඉන්සමාම් උල් හක් යටතේ නම් කෙරුණු පළමු සංචිතය ද මෙයයි.

Pakistan squad:

Abdullah Shafique, Fakhar Zaman, Imam-ul-Haq, Babar Azam (captain), Salman Ali Agha, Iftikhar Ahmed, Tayyab Tahir, Saud Shakeel (only for Afghanistan series), Mohammad Rizwan, Mohammad Haris, Shadab Khan (vice-captain), Mohammad Nawaz, Usama Mir, Faheem Ashraf, Haris Rauf, Mohammad Wasim Jnr, Naseem Shah, Shaheen Afridi.