Ultimate magazine theme for WordPress.

ආසියානු කුසලානයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

ADVERTISEMENT

එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ශකිබ් අල් හසාන්ගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

තමිම් ඉක්බාල් එක්දින නායකත්වයෙන් ඉවත් වීම හේතුවෙන් ශකිබ් අල් හසාන් එරට එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස පත් කෙරුණේ ඊයේ(11) දිනයේ දී යි.

මෙතෙක් එක්දින වරම් දිනා නොමැති Tanzid Tamim හා Shamim Hossain සංචිතය සදහා නම් කිරීමට පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

22 හැවිරිදි Tanzid නිමා වූ නැගී එන ආසියානු කුසලාන තරගාවලියේ දී අර්ධ ශතක 3ක් වාර්තා කිරීමට සමත් වුණා. ආබාධයක් හේතුවෙන් තමිම් ඉක්බාල් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින් ඔහු වෙනුවට කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස Tanzid ව යොදා ගැනීමට බංග්ලාදේශය ඇතැම් විට කටයුතු කරනු ඇති.

2021 වසරේ මාර්තු මාසයේ සිට එක්දින කණ්ඩායම නියෝජනය කර නොමැති මහෙදි හසාන් යළි සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මහ්මුදුල්ලාහ්ට තවදුරටත් එක්දින සංචිතයේ ස්ථානයක් හිමිව නොමැති අතර, තයිජුල් ඉස්ලාම් හා රෝනි තලුක්දාර් යන ක්‍රීඩකයින් ද සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

අගෝස්තු 30 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය යටතේ බංග්ලාදේශය ක්‍රීඩා කරන පළමු තරගය අගෝස්තු 31 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව මහනුවර පල්ලේකැලේ දී පැවැත්වීමට නියමිතයි.

Bangladesh Squad:

Shakib Al Hasan (c), Litton Das, Tanjid Hasan Tamim, Najmul Hossain Shanto, Towhid Hridoy, Mushfiqur Rahim, Mehidy Hasan Miraz, Taskin Ahmed, Mustafizur Rahman, Hasan Mamhud, Mahedi Hasan, Nasum Ahmed, Shamim Hossain, Afif Hossain, Shoriful Islam, Ebadot Hossain, Mohammad Naim

Leave a comment