ආසියානු කුසලානයට ඉන්දීය සංචිතය නම් කෙරේ
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.
සංචිතය සදහා මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති තිලක් වර්මා ද නම් කර ඇති අතර, ආබාධවලට ලක්ව සිටි කේ.එල් රාහුල් හා ෂ්රෙයස් අයියර් ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ආබාධ හේතුවෙන් දීර්ඝ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිට මේ දිනවල අයර්ලන්තයේ දී පැවැත්වෙන 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කරමින් සිටින වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ද ආසියානු කුසලාන තරගාවලිය සදහා නම් කර තිබෙනවා.
සංචිතය සදහා ආර්. අශ්වින් හා යුස්වේන්ද්‍ර චෙහල් නම් කර නොතිබීම විශේෂත්වයක්.
මෙවර ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය සැප්තැම්බර් දෙවැනිදා පාකිස්තානයට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය සංචිතය –
Rohit Sharma (c), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul, Hardik Pandya, Ravindra Jadeja, Jasprit Bumrah, Kuldeep Yadav, Mohammed Siraj, Mohammed Shami, Ishan Kishan, Shardul Thakur, Axar Patel, Suryakumar Yadav, Tilak Varma, Prasidh Krishna
Reserve player: Sanju Samson