Ultimate magazine theme for WordPress.

ආරාධිත T 20 තරගාවලියේ තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස පැවැත්වීමට නියමිත ආරාධිත 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා තරග නිළධාරීන් පත් කර තිබෙනවා.

ඒ අනුව තරග තීරකවරුන් ලෙස T.H.R. Priyantha, Nalliah Devarajan, හා Ravi Punchihewa කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

විනිදුරු මඩුල්ලට Keerthi Bandara, Deepal Gunawardena, Asanga Jayasuriya, Hemantha Botheju, Rohitha Kottahachchi, Ravindra Kottahachchi යන මහත්වරුන් ඇතුළත්.

අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලියේ සියළු තරග මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

නිල් (Blues), රතු (Reds) , කොළ (Greens) සහ අළු (Greys) වශයෙන් තරගාවලියට එක් වන කණ්ඩායම් 4 නම් කර තිබෙනවා.

දසුන් ශානක (Greys), ධනංජය ද සිල්වා (Blues), දිනේෂ් චන්දිමාල් (Reds) හා අශාන් ප්‍රියන්ජන් (Greens) අදාළ කණ්ඩායම්වල නායකත්වය දැරීමට නියමිතයි.

Leave a comment
logo