Ultimate magazine theme for WordPress.

ආරාධිත 20යි 20 ලීගය බලන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ක්‍රීඩාංගනයට පැමිණ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයිට ද ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (4) නිවේදනය කළා.

ඒ අනුව ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමකින් තොරව (නොමිලේ) තරග නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරග දෙකක් පැවැත්වෙන දිනවලදී පස්වරු 2 සිට ප්‍රේක්ෂකයින්ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට ඇතුළු වීමේ අවස්ථාව පවතිනවා.

තරගාවලිය අගෝස්තු 9 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන බව පළමුව නිවේදනය කර තිබූ නමුත්, පසුව එය අගෝස්තු 8 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන බව නිවේදනය කෙරුණා.

මේ අතර, තරගාවලිය සියත TV නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට ද කටයුතු සූදානම් කර ඇති බව සදහන්.

එළඹෙන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් සූදානම් කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධාන කර තිබෙනවා.

ජාතික හා පළමු පෙල ක්‍රීඩකයින් 60 දෙනෙකු මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් 4 ට අයත් සංචිත සදහා ඇතුළත්.

පළමු වටයේ දී සෑම කණ්ඩායමක්ම තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අවසන් තරගය සදහා සුදුසුකම් ලබනවා.

තරග කාලසටහන :

August 08 : M 1 – Greys vs Reds (3.00 Pm), M 2 – Blues vs Greens (7.30 pm)
August 10 : M 3 – Greens vs Reds (3.00 Pm), M 4 – Greys vs Blues (7.30 pm)
August 13 : M 5 – Greys vs Greens (3.00 Pm), M 6 – Blues vs Reds (7.30 pm)
August 15 : Finals (7.30 pm)