ආර්.පී. සිංගේ පියාත් කොරෝනා ආසාදනය වී මරුට

ඉන්දීය හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ආර්.පී. සිංගේ පියා ශිව් ප්‍රසාද් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ, කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.
ලක්නව්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මීට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක චෙතන් සාකරියාගේ පියා වන කන්ජිබායි සාකරියා, ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක පියුෂ් චවුලාගේ පියා වන ප්‍රමෝද් කුමාර් චවුලා මෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩිකා Veda Krishnamurthy ගේ සහෝදරිය සහ මව ද කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මිය ගියා.
It is with deepest grief and sadness we inform the passing away of my father, Mr Shiv Prasad Singh. He left for his heavenly abode on 12th May after suffering from Covid. We request you to keep my beloved father in your thoughts and prayers. RIP Papa. ॐ नमः शिवाय 🙏🙏
— R P Singh रुद्र प्रताप सिंह (@rpsingh) May 12, 2021