Ultimate magazine theme for WordPress.

ආරක්ෂක ගැටලු හමුවේ ලෝක කුසලානයට තවත් ප්‍රශ්නයක්

ADVERTISEMENT

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග යටතේ පැවැත්වීමට නියමිත පාකිස්තාන-නවසීලන්ත තරගය ප්‍රේක්ෂකයින්ට නැරඹීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.

ඒ, ආගමික උත්සව හේතුවෙන් තරගය සදහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීම සම්බන්ධයෙන් සහතික වීමට පොලීසියට නොහැකි වීම හේතුවෙන්.

මෙම තරගය එළඹෙන 29 වැනිදා හයිදරාබාද් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හයිදරාබාද් ක්‍රිකට් සංගමය විසින් මේ පිළිබද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුවත් කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත්, එම තරගය නැරඹීම සදහා මේ වන විටත් ප්‍රේක්ෂකයින් රැසක් ‌ප්‍රවේශ පත්‍ර මිල දී ගෙන අවසන්.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

මීට පෙර ද ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලු හේතුවෙන් තරගාවලියේ තරග කාලසටහන ද සංශෝදනය කිරීමට සිදු වුණා.

Leave a comment