Ultimate magazine theme for WordPress.

ආබාධවලට ලක් වූ සියලු ක්‍රීඩකයින්ගේ අලුත්ම තත්ත්වය මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට(5) ආරම්භ වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

තරගාවලිය සදහා ක්‍රීඩා කරන බොහෝ රටවල්වල ක්‍රීඩකයින් ආබාධවලට ලක්වීමේ පුවත් අපට නිරතුරුවම අසන්නට ලැබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ද මෙම අත්දැකීමට මෙවරත් මුහුණ දීමට සිදු වූ අතර, ආබාධ හේතුවෙන් වනිදු හසරංගට හා දුෂ්මන්ත චමීරට ද ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

ඔවුන්ට අමතරව තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද පසුගිය දින කිහිපයේ දී ආබාධවලට ලක් වුණා. එම ක්‍රීඩකයින්ගේ නවතම ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා newswire වෙබ් අඩවිය වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මේ වන විට පුහුණුවීම් කටයුතු සිදු කර සිටිය ද, ඔහු පන්දුවාර 10 ක් යොමු කිරීමට තරම් සුදුසු යෝග්‍යතාවයක තවමත් පසුනොවන බව මහාචාර්යයවරයා සදහන් කළා.

කෙසේ වෙතත්, ‌ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී අවශ්‍ය වුවහොත් ඔහුව සංචිතයට එක්කර ගැනීම වෙනුවෙන් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමකට ගෙන ඒම සදහා කටයුතු සිදු කරමින් සිටින බවයි අර්ජුන ද සිල්වා මහතා කියා සිටියේ.

කෙසේ වෙතත්, වනිදු හසරංගට සුවය ලැබීම සදහා තවත් සැලකිය යුතු කාලයක් ගත වනු ඇති.

මහීෂ් තීක්ෂණ

මේ අතර, ආසියානු කුසලාන තරගාවලියේ දී ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණ සුවය ලබා අද දිනයේ දී ඉන්දියාවේ දී ශ්‍රී ලංකා සංචිතය සමග එක් වුවද, ඔහුට දකුණු අප්‍රිකාවට එරෙහි පළමු තරගය ක්‍රීඩා කිරීමට හැකිවේදැයි මෙතෙක් 100% ක් ප්‍රකාශ කළ නොහැකි බව සභාපතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත්, ඔහුට එම තරගය ක්‍රීඩා කිරීම සදහා වැඩි අවස්ථාවක් පවතින බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

කුසල් පෙරේරා හා දසුන් ශානක

මේ අතර, බංග්ලාදේශය සමග පැවැති පුහුණු තරගයේ දී ආබාධවලට ලක් වූ කුසල් පෙරේරා හා නායක දසුන් ශානකගේ ආබාධ තත්ත්වයන් බරපතල මට්ටමක නොපවතින බැවින් ඔවුන් දෛදෙනාට පළමු තරගය සදහා ක්‍රීඩා කිරීමට හැකි වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා කියා සිටියා.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මහාචාර්යයවරයා –