බංග්ලාදේශ 20යි 20 නායකයා සිම්බාබ්වේ සංචාරයෙන් ඉවතට

බංග්ලාදේශ 20යි 20 කණ්ඩායමේ නායක නුරුල් හසාන්ට සිම්බාබ්වේ තරග සංචාරයේ ඉතිරි තරගවලින් ඉවත් වීමට සිදුව තිබෙනවා.
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් හේතුවෙන් ඔහුට තරග සංචාරයෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි.
ඊයේ (31) හරාරේ හි පැවැති සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවැනි 20යි 20 තරගයේ දී කඩුලු රකිමින් සිටියදී ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක මෙලෙස ආබාධයක් සිදුව ඇති බව සදහන්.
ඔහුගේ ආබාධය සුව වීම සදහා සති 3 ක පමණ කාලයක් ගත වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
ඒ අනුව හෙට පැවැත්වෙන තෙවැනි 20යි 20 තරගය මෙන්ම එක්දින තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වී තිබෙනවා.
දෙවැනි 20යි 20 තරගයෙන් බංග්ලාදේශය කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ද සමත් වුණා.
තෙවැනි 20යි 20 තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ කවුරුන්දැයි මෙතෙක් නිවේදනය කර නැහැ.