අෆ්රිඩි කැදවමින් ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සමග ලබන මාසයේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.
ටෙස්ට් සංචිතය සදහා යළි වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Mohammad Huraira හා Aamir Jamal ද ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත්.
Shahnawaz Dahani, Zahid Mahmood හා Kamran Ghulam ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.
පාකිස්තාන කණ්ඩායම ජූලි 9 වැනිදා ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිත අතර, තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මේ අතර, පාකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මෝර්නි මෝර්කල් මාස 6 ක කාලයක් සදහා පත් කර තිබෙනවා.
Pakistan squad:
Babar Azam (c), Mohammad Rizwan (vc & wk), Aamir Jamal, Abdullah Shafique, Abrar Ahmed, Hasan Ali, Imam-ul-Haq, Mohammad Huraira, Mohammad Nawaz, Naseem Shah, Noman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (wk), Saud Shakeel, Shaheen Afridi and Shan Masoo