Ultimate magazine theme for WordPress.

අෆ්රිඩිට කොළඹ ගුවන් යානය මග හැරෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීම සදහා අද(23) දිනයේ මෙරටට පැමිණිමට නියමිතව සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩිට දිවයිනට පැමිණීමට නොහැකි වී තිබෙනවා.

ඒ, අද උදෑසන ඔහුට කොළඹ බලා පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමනට එක්වීමට නොහැකි වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ශහිඩ් අෆ්රිඩි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ කඩිනමින් ශ්‍රී ලංකාව වෙත පැමණිමට කටයුතු කරන බවයි.

වාර්තා වන ආකාරයට ඔහු හෙට(24) දිනයේ දී මෙරටට ළගා වන අතර, අනතුරුව නිරෝධායන කාලසීමාවක් ද ගත් කිරීමට නියමිතයි.

ඒ හේතුවෙන් අෆ්රිඩිට ගාලු කණ්ඩායම මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කරන පළමු තරග කිහිපය අහිමි වනු ඇති.

ඒ අනුව උප නායක භානුක රාජපක්ෂ එම තරගවලදී කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.