අෆ්රිඩිට ජගත් ක්‍රිකට් කවුන්සලය දඩ පනවයි

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩිට තරග ගාස්තුවෙන් 15%ක දඩ මුදලක් නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.
ඒ, බංග්ලාදේශය සමග ඩකා නුවර පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී විනය විරෝධීව කටයුතු කිරීම හේතුවෙන්.
ඔහු අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.9 වගන්තිය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.
තරගයේ බංග්ලාදේශ ඉනිමේ තෙවැනි පන්දුවාරය ශහීන් අශ්රිඩි විසින් යොමු කළ අතර, එහිදී අෆිෆ් හුසේන් එල්ල කළ පහරකින් පසුව ඔහු වෙත පෙරළා පැමිණි පන්දුව රැක ගෙන යළි පිතිකරණ අන්තයේ කඩුල්ල වෙත අෆ්රිඩි විසින් පන්දුව විසි කරනු ලැබුවා.
ඒ, පිතිකරුවන් ලකුණක් කරා දිව යාමට උත්සාහ කිරීමක් ද සිදු නොකළ අවස්ථාවකයි.
එහිදී අෆ්රිඩි විසින් විසි කරනු ලැබූ පන්දුව අෆිෆ් හුසේන්ගේ පාදයේ වැදීම හේතුවෙන් ඔහු දැඩි වේදනාවකට ද ලක්ව සිටිනු දැක ගත හැකි වුණා.
මෙම සිදු වීම හේතුවෙන් ශහීන් ශාහ් අෆ්රිඩිගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද ඇතුළත් කිරීමට අයි.සී.සීය පියවර ගෙන තිබෙනවා.
Shaheen Shah Afridi has been fined 15% of his match fee for throwing the ball dangerously towards Afif Hossain.
Shaheen reached out to Afif after the game to apologize for his action.#BANvPAK pic.twitter.com/PM5K9LZBiu
— Israr Ahmed Hashmi (@IamIsrarHashmi) November 21, 2021
