Ultimate magazine theme for WordPress.

අළුබදුන කාන්තා ටෙස්ට් තරගය තියුණු අවසානයකට මග පෑදෙයි

Day 4 Report

සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය තියුණු අවසානයක් කරා මග පාදමින් සිව්වැනි දිනය ඊයේ(25) නිමා වුණා.

ඒ වන විට දෙවැනි ඉනිමේ දී ලකුණු 268 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත කාන්තා පිල කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 116 ක්.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා එංගලන්තය තවත් ලකුණු 152 ක් ලබා ගත යුතු අතර, ඔස්ට්‍රේලියාව කඩුලු 5 ක් දවා ගත යුතුයි.

එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් Emma Lamb ලකුණු 28 ක් හා Tammy Beaumont ලකුණු 22 ක් රැස් කළා. Danni Wyatt නොදැවී ලකුණු 20යි.

පන්දු යැවීමේ දී Ashleigh Gardner ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත්තා.

නොටින්හැම් හි පැවැත්වෙන තරගය සිව්වැනි දිනය සදහා ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 82 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 257 ක් රැස් කළා.

Beth Mooney ලකුණු 85 ක් හා Alyssa Healy ලකුණු 50 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Sophie Ecclestone ලකුණු 63 කට කඩුලු 5 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 473 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස එංගලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව 463 ක්.