Ultimate magazine theme for WordPress.

අළුබදුන එක්දින තරගාවලියට එංගලන්ත කාන්තා සංචිතය නම් කෙරේ

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් අළුබදුන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

Heather Knight ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා Tammy Beaumont හා මෙතෙක් එංගලන්තය වෙනුවෙන් සීමිත පන්දුවාර වරම් දිනා නොමැති Lauren Filer ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

තරග රටා ත්‍රිත්වයෙන්ම යුත් අළුබදුන තරග මාලාව මේ වන විට ප්‍රසාද ලකුණු 6-4 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය හෙට(12) බ්‍රිස්ටල් හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

England squad:

Heather Knight (c), Tammy Beaumont, Lauren Bell, Alice Capsey, Kate Cross, Charlie Dean, Sophia Dunkley, Sophie Ecclestone, Danielle Gibson, Sarah Glenn, Amy Jones, Lauren Filer, Nat Sciver-Brunt, Issy Wong, Danni Wyatt.