අසිත නොටින්හැම්ෂයර් කණ්ඩායමට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ නොටින්හැම්ෂයර් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.
බ්‍රිතාන්‍ය ප්‍රාන්ත සිව්දින තරගාවලියේ (County Championship) අවසන් වට 3 ක්‍රීඩා කිරීම සදහායි ඔහු මෙලෙස ගිවිසුම්ගත වී ඇත්තේ.
මෙය ඔහු බ්‍රිතාන්‍ය ප්‍රාන්ත සිව්දින තරග සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ගිවිසුම්ගත වූ පළමු අවස්ථාවයි.
26 හැවිරිදි ඔහු මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12 කදී කඩුලු 35 ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.
අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තේ 2021 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිවයි.
නොටින්හැම්ෂයර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Peter Moores මෙම ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබෙනවා.
“Asitha has already shown his talent on the international stage, and we believe he has the skillset needed to be successful in English conditions,”
“We’re excited to have him with us, and he will add much needed depth to our bowling resources until the end of the season.
“We’ve had some misfortune with injuries and we’re still in the situation of not having our full complement of seamers available. This has meant greater workloads for a smaller number of bowlers, and Asitha can help ease that pressure over the course of our run-in.
“The whole group recognises the importance of these last three games and the need for everyone to step up, so we can finish the season strongly. Having had a bye in the first round of games, we’ve had an extended build up to prepare ourselves for the challenge ahead, which we’re all looking forward to.”