අසභ්‍ය වචන නිසා බ්‍රෝඩ්ට දඩ සමග දඩුවම් ලකුණක්

0 56

එංගලන්ත වේග පන්දු යවන ක‍්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ට තරග ගාස්තුවෙන් 15% ක දඩ මුදලක් පනවා තිබෙනවා.

ඒ, ඔහු දකුණු අප‍්‍රිකාව සමග නිමා වූ සිව්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග‍්‍රහය උල්ලංඝනය වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන්.

දඩ මුදලට අමතරව ඔහුගේ විනය වාර්තාවට එක් දඩුවම් ලකුණක් ද පනවා ඇති බව සදහන්.

ස්ටුවට් බ්‍රෝඩ් විසින් ෆෆ් ඩු ප්ලෙසිස් වෙත අසභ්‍ය වචනයෙන් ආමන්ත‍්‍රණය කිරීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

පසුගිය මාස 24ක කාලය තුළ දී ස්ටුවට් බ්‍රෝඩ් විසින් අයි.සී.සී විනය නීති සංග‍්‍රහය උල්ලංඝනය කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර, ඒ අනුව ඔහුට හිමිව ඇති දඩුවම් ලකුණු සංඛ්‍යාව 2ක්.

මෙම දඩුවම් ලකුණු සංඛ්‍යාව මාස 24 ක කාලයක් තුළ දී 4 ඉක්මවා ගියහොත් එම ක‍්‍රීඩකයාට එරෙහිව තරග තහනමක් පැනවෙනු ඇති.

You might also like

Leave A Reply

Your email address will not be published.