අවිශ්කගේ සුපිරි ශතකය හමුවේ බංග්ලාදේශයට ලකුණු 350 ක දැවැන්ත ඉලක්කයක්
නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (ACC Emerging Teams Asia Cup) පළමු තරගය මේ වන විට ශ්‍රී ලංකා A කණ්ඩායම හා බංග්ලාදේශ A කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.
ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 349 ක් ලබා ගනිමින්.
ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 31 කට දැවී ගියා. අනතුරුව දෙවැනි කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු සමග පිටියේ එක් වූ මිනෝද් භානුක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාවට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවශ්‍ය පදනම සකස් කළා.
අවිශ්ක සුපිරි ශතකයක් වාර්තා කරමින් ලකුණු 133 ක් රැස් කළේ පන්දු 124 කින්. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 13 ක් සමගින්.
මිනෝද් භානුක ලකුණු 57 ක් ලබා ගත්තා. සහන් ආරච්චිගේ ලකුණු දෙකකට දැවී ගිය අතර, පසිදු සූරියබණ්ඩාර පන්දු 32 කින් ලකුණු 43 ක් රැස් කළා.
අශේන් බණ්ඩාර පන්දු 25 කින් ලකුණු 35 ක් ද, නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 19 කින් ලකුණු 31 ක් ද රැස් කළා. චාමික කරුණාරත්න ලකුණු 8යි.
පන්දු යැවීමේ දී රිපොන් මොන්ඩල් හා සෞම්‍ය සාකාර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.